Gossips

අමුතුම හීනයක් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවම කළඹන ලංකාවේ වීරයා අරිත් (ඡායාරූප)

තමන්ගේ විවිධාකාර හීන වෙත අමාරුවෙන් වුවත් ටිකෙන් ටික ළඟාවන විවිධ පුද්ගලයන් පිළිබඳව අප බොහෝවිට අසා තිබෙනවා.
මේ කතාවත් එහෙම අමුතුම හීනයක් සැබෑ කරගන්න අමුතු වැඩක් කරන තරුණයෙක් ගැනයි.
ඔහු නමින් අරිත් කුරේ.
ඕස්ට්‍රේලියාවේ ඉන්න මේ ශ්‍රී ලාංකික තරුණයාගේ හීනේ තමයි ඔස්ට්‍රේලියාව වටේම පා පැදියකින් ගමන් කරන එක.
මේ වෙනකොට ඔහුගේ සිහිනයෙන් හරි අඩක් පමණ නිමකර අවසන්.
ඔහුගේ සම්පූර්ණ සිහිනයට වසර 2කට වැඩි කාලයක් ගතවන බවයි වාර්තා වන්නේ.
අරිත් සිය ගමන අරඹන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින්.
අරිත් කුරේ නමැති 25 හැවිරිදි තරුණයාගේ මුහුණු පොතට එක්කර ඇති ඡායාරූප පෙළ වෙත ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
එම ඡායාරූප එකතුව පහතින්.