Gossips

අමුතුම චාරිත්‍රයකින් අලුත් අවුරුදු උදාව සමරන ගමක්

නැකත් සීට්ටුවේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් අප්‍රේල් 14 වැනි දින අලුත් අවුරුදු උදාව සැමරීමට ලක්වාසී සිංහල, දමිල ජනයා හුරු වී සිටිනවා.
එහෙත් සෑම වසරකම අප්‍රේල් 17 වැනිදා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කිරිපිඩු පූජාවක් පැවැත්වීමෙන් අනතුරුව අලුත් අවුරුදු උදාව සමරන ගමක් පිළිබඳ තොරතුරු අපට නොච්චියාගමින් වාර්තා වුණා.
නොච්චියාගම, ඉට්ටිකුලම ශ්‍රී ස්වර්ණබිම්බාරාම රජමහා විහාරස්ථානයට ඉට්ටිකුලම ගමේ ජනතාව පිළිවෙතින් පෙළ ගැසෙන්නේ චාරිත්‍රානුකූලව වසරක් පාසා ඉටුකරන කිරිපිඩු පූජාව සිදුකිරීම සඳහායි.
මීට වසර 300 කට පමණ පෙර ඉට්ටිකුලම ගමේ කිරි දරුවන් මව් කිරි නොමැතිව අඛණ්ඩව මරණයට පත්වී ඇති අතර එය වළක්වාගැනීම සඳහා මුතුන් මිත්තන් විසින් කිරි දරුවන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බහිරව පූජාවක් පැවැත්වීම චාරිත්‍රානුකූලව සිදුකර තිබෙනවා.
එම පූජාව පසුකාලීනව පූජාව අවසන්වන තුරු අඛණ්ඩව බෙරවාදනය සහ ඝණ්ටාරය නාද කිරීම මෙම පූජාවේ විශේෂත්වයක්.
පූජාව සාර්ථක වූ බවට ඉට්ටිකුලම ගම්වාසීන් විශ්වාසය පළ කරන්නේ අඛණ්ඩ බෙර වාදනයේ යෙදෙනෙ බෙරකරුවා ඇද වැටීමෙන් පසුවයි.
ඉට්ටිකුලම ගම්වාසීන් සිංහල – දෙමළ අලුත් අවුරුදු උදාව සමරනු ලබන්නේ සෑම වසරකම අප්‍රේල් 17 වැනි දින මෙම පූජාව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව වීම විශේෂත්වයක්.