සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරඟය, තරඟය අවසන් වීමට තවත් එක දිනක් තිබියදී ජය ගන්නට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඉනිමකින් සහ ලකුණු 159ක දැවැන්ත ජයක් ලැබූ එංගලන්ත කණ්ඩායම ලද ටෙස්ට් ක්‍රිකට් වාර්තා අලුත් කිරීමට සමත් වීම විශේෂත්වයක්.
මෙම තරඟය පන්දුවාර 170යි පන්දු 03කින් අවසන් වූ අතර එය වසර 100ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එංගලන්තයේදී තරඟයක් නිමා වූ දෙවන අඩුම පන්දුවාර සංඛ්‍යාව වනවා.
ඉන්දීය කණ්ඩායම ලද මෙම දැවැන්ත පරාජය වාර්තා අතරට එක් වුණේ විරාත් කෝලි නායකත්වයට පත්වීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමක් ඉනිමකින් තරඟයක් පරාජයට පත්වූ පළමු අවස්ථාව ලෙසටයි.
තරඟයේ කාසිය වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 107කට සියල්ලන් දැවී ගියා.
ඊට පිළිතුරු වශයෙන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලු 07ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 396ක්.
එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 289ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹු ඉන්දීය කණ්ඩායම ලකුණු 130කට දවාලන්නට එංගලන්ත වේග පන්දු බලඇණිය සමත් වුනේ ලෝඩ්ස් පිටියේදී වසර 44කට පසු ඉන්දීය කණ්ඩායම ඉණිමකින් තරඟයක් පරාජයට පත්වීමේ අමිහිරි මතක සටහන ඉන්දියානුවන්ට එක්කරමින්.
පිත්තෙන් සහ පන්දුවෙන් එකසේ දස්කම් දැක්වූ එංගලන්ත කණ්ඩායමේ ක්‍රිස් වෝක්ස් තරඟයේ වීරයා බවට පත් වුණා.
එංගලන්ත ලද මෙම දැවැන්ත ජයත් සමඟ තරඟ පහකින් සමන්විට ටෙස්ට් තරඟාවලිය තරඟ දෙකට බිංදුවක් ලෙස එංගලන්ත පෙරමුණගෙන සිටිනවා.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්..