Gossips

අමිත් වීරසිංහට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප (ඡායාරූප)

මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට මහනුවර මහාධිකරණයෙන් නියම කළ ඇප නියෝගය අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් ශානක කලන්සූරිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව, එක් අයෙකු රුපියල් ලක්ෂ 5 ශරීර ඇප 3 ක් සහ රුපියල් 25,000 මුදල් ඇප මත මුදා හැරීමටයි විනිසුරුවරයා නියෝග කළේ.
ඊට අමතරව සෑම ඉරුදිනකම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකරුවන්ට නියෝග කෙරුණා.
ගොනුකර තිබූ මෝසමක් සලකා බැලීමෙන් පසු, මහනුවර මහාධිකරණය පසුගියදා මොවුන්ට ඇප නියම කළ අතර, මාස 7 කට ආසන්න කාලයක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ මහනුවර ඇති වූ නොසන්සුන්කාරි සිද්ධිය සම්බන්ධයෙන්.

ඡායාරූප – මහනුවර චන්දන උඩුවාවල