Gossips

අමානුෂික වැඩවර්ජන හෙළා දකින බව ඇමති නිමල් සිරිපාල කියයි

වැඩවර්ජන සිදුකිරීමේ අයිතිය වෘත්තීය සමිති වෙත ලබාදීමට වර්තමාන ආණ්ඩුව ක්‍රියා කළද ඔවුන් සිදුකරන අමානුෂික වැඩවර්ජන හෙලා දකින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.
වසර 30 කට ආසන්න කාලයක් භාවිතයෙන් ඉවත් කර තිබූ දුම්රිය මැදිරි කිහිපයක් නවීකරණය කිරීම නිරීක්ෂණය සඳහා අමාත්‍යවරයා අද පෙරවරුවේ දෙමටගොඩ පිහිටි කර්මාන්තශාලාවට පැමිණ සිටියා.
ඉන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.