අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි මස 14 වනදා දක්වා කල් තැබුණා.
ඒ මෙම නඩුව මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.
මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් වී ඇති අමාත්‍ය විමල් වීරවංශගේ නිවසේ දුරකතන සහ ජල බිල්පත් නිකුත් කළ පරිගණක පරීක්ෂා කිරීමට කල් ඉල්ලීම හේතුවෙනුයි මෙම නඩුව මෙලෙස කල් දමා ඇත්තේ.
විමල් වීරවංශ මීට පෙර අමාත්‍යවරයෙකුව සිටි සමයේ සිය වැටුපෙන් උපයාගත නොහැකි රුපියල් මිලියන 75ක දේපල සහ මුදල්වලට හිමිකාරීත්වය දැරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මොහුට විරුද්ධව මෙම නඩුව පවරා තිබෙනවා.
