Gossips

අමාත්‍ය රිෂාද් බදියුදීන්ට එරෙහිව අභියාචනාධිකරණයට පැමිණිල්ලක්

අමාත්‍ය රිෂාද් බදියුදීන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු අභියාචනාධිකරණය හමුවේ අද පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.
ඒ මීට පෙර නීතිඥවරයා සහ තවත් පාර්ශවයක්, විල්පත්තු විලත්තිකුලම් රක්ෂිතයේ පදිංචි කිරීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමක කරුණු දැක්වීම් පදනම් කර ගනිමින්.
එම නඩුවේදී දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙමින් අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ 1990 වසරේ එල්.ටී.ටී.ඊ සංවිධානය අදාළ ප්‍රදේශ යටත් කර ගැනීමට පෙර සිටම මුස්ලිම් ජනතාව එම ප්‍රදේශයේ පදිංචිව සිටි බවයි.
කෙසේ වෙතත්, මිනුම්පතිගේ වාර්තා අනුව එවැනි ජනාවාසයක් තිබී නොමැති බව තහවුරු වන බැවින් අමාත්‍ය රිෂාද් බදියුදීන් අධිකරණය නොමග යවා අපහාසයක් සිදුුකර ඇති බවට පවසමිනුයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු නව පැමිණිල්ල ගොනුකර ඇත්තේ.