Gossips

අමාත්‍ය රවී කරුණානායකගෙන් අනතුරු ඇඟවීමක්

‍පක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරද්දී වෙනත් කෙනෙකු නායකයා ලෙස ඉස්මතු කිරීමට හුවා දක්වන්නේ නම් තමන් ඉදිරියේදී ඊට විරුද්ධව ක්‍රියා කරන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ පක්ෂයේ වෙනත් නායකයෙකු අගමැති කිරීමට සූදානමක් ඇත්දැයි මඩකලපුව ප්‍රදේශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.