ආණ්ඩුව සිය කාර්ය ශූරත්වය පෙන්වා ඇත්තේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පමණක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව කියා සිටියේ කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කැබිනට් අනුමැතියකින් තොරව සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමකට ආණ්ඩුව අත්සන් කර ඇති බව ද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළා.
