Gossips

අමාත්‍ය මණ්ඩල රැස්වීම ඇරඹේ

නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
මෙම වසර සඳහා වන අයවැය සකස් කිරීමට අදාලව අමාත්‍ය මණ්ඩල අනුමැතිය මුදල් අමාත්‍යවරයා විසින් මෙම රැස්වීමේදී ලබා ගැනීමට නියමිතයි.
අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ යළි පත්වීමෙන් අනතුරුව නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් පසුගිය 20 වනදා කැබිනට් රැස්වීමක් පැවැත්වුව ද ඒ වනවිට අමාත්‍යවරුන්ගේ විෂය පථය ගැසට් කර තිබුණේ නැහැ.