නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාව සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටිනවා.
මීට ටික වේලාවකට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි.
