Gossips

අමාත්‍ය එස්.බී. දිසානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය එස්.බී. දිසානායක පත්කර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඊට අදාළ පත්වීම් ලිපිය අද දිනයේදී අමාත්‍යවරයා වෙත ලබාදුන් බවයි එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ඒ අනුව ඔහු හෙට උදෑසන එම ධුරයේ වැඩ භාරගැනීම නියමිතව තිබෙනවා.