Gossips

අමාත්‍ය අර්ජුන රණතුංගගේ ආරක්ෂක නිලධාරියා යළි රිමාන්ඩ්

ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අමාත්‍ය අර්ජුන රණතුංගගේ ආරක්ෂක නිලධාරියා ලබන 18 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරුගේ පාර්ශවයෙන් සිදුකළ ඇප ඉල්ලීම පිළිබද නියෝගය ද එදිනට ලබාදෙන බවයි මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේ.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 28 වනදා එවකට ඛනිජ තෙල් අමාත්‍යවරයාව කටයුතු කළ අර්ජුන රණතුංග ලිපි ලේඛන කිහිපයක් රැගෙන යාමට තෙල් සංස්ථා පරිශ්‍රයට පැමිණීමත් සමඟ මෙම නොසන්සුකාරී තත්ත්වය හට ගත්තා.
එහිදී ඛනිජ තෙල් හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 3 දෙනෙකු තුවාල ලැබූ අතර පසුව ගම්පොළ – ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි එක් දරු පියෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වුණා.
මේ අතර, එම කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරයා ද මේ මස 18 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කළා.