Gossips

අමාත්‍යාංශවල විෂය පථයන් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත්වේ

අමාත්‍යාංශවල විෂය පථයන් සහ කාර්යභාරයන් ඇතුලත් ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.
ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ 2070 යි 56 දරණ මෙම ගැසට් පත්‍රය මගින් ඒ, ඒ, අමාත්‍යාංශවලට අයත් ආයතන වෙන් වෙන්ව දක්වා ඇති බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ සඳහන් කළේ.
පසුගියදා සංශෝධනයට ලක්වූ අමාත්‍යාංශ මෙන්ම වෙනස් නොවූ අමාත්‍යාංශවල විෂය පථයන්ද මෙම ගැසට් පත්‍රය මගින් දක්වා තිබෙනවා.