Gossips

අමාත්‍යවරුන් කිහිපදෙනෙක් වැඩ අරඹයි

නව රජයේ අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් කිහිපදෙනෙකු අද පෙරවරුවේ වැඩභාරගත්තා.
සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් එස්.බී. නාවින්න පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී වැඩ භාරගත්තා.
එමෙන්ම ජාතික ඒකාබද්ධතා, සහජීවන සහ මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ඒ.එච්.එම්. ෆවුසි එම අමාත්‍යාංශයේදී අද වැඩභාර ගනු ලැබුවේ අද පෙරවරුවේයි.
දයාසිරි ජයසේකර අමාත්‍යවරයා අද පෙරවරුවේ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ වැඩභාර ගත් අතර, දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ඊයේ නව අමාත්‍ය ධූරයක දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ – බෞද්ධාලෝක මාවතේ ධර්මායතන විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා.
ඉන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව කල් තැබීම වෙනස් කිරීමට කථානායකවරයාට බලයක් නොමැති බවයි.