Gossips

අමාත්‍යධුරවලින් ඉවත්වන බව වන ජීවි ඇමති සහ නියෝජ්‍ය ඇමති කියයි

ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි මාස 3 ක් ඇතුළත සිංහරාජ රක්ෂිතයේ සිටින අවසන් අලි දෙදෙනා කොටුකර තැබීම සඳහා ඉඩමක් ලබා නොදුනහොත් සිය අමාත්‍යධුරවලින් ඉවත්වන බව වන ජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසනවා.
අමාත්‍යවරුන් මේ අදහස් පළ කළේ රක්වාන රජවත්ත ගම්වාසීන් සමඟ අද පැවති හමුවකදී.