Gossips

අම්මා පසුපස සිටි කිරිකැටි බිලිඳා දියේ ගිලී ගිය හැටි CCTV කැමරාවේ

මව්පියන්ගේ නොසැලකිල්ල හේතුවෙන් හය හතර නොදත් කිරිකැටියන් මාරක අනතුරුවලට ලක්වන අවස්ථා බොහොමයක් දෛනිකව වාර්තා වනවා.
තවත් එවැනිම භයානක අනතුරක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
තම පළමු උපන්ද දිනය දා කුඩා නාන තටාකයක දියේ ගිලී කුඩා දරුවෙකු අනතුරකට ලක්වන ආකාරය දැක්වෙන CCTV දර්ශන පෙළක් මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ චීනයේ Fujian පළාතේ Fuzhou city වලින්.
වයස අවුරුද්දක් පමණ කුඩා දරුවෙකු මෙලෙස දියේ ගිලී ඇත්තේ තම මව සමඟ විනෝද ආයතනයක නාන තටාකයකයි.
අදාළ කාන්තාව සිය දරුවන් දෙදෙනා සමඟ එහි පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී කුඩා නාන තටාකයක තම දරුවන් දෙදෙනා තබා ඇය ජංගම දුරකථනයේ කෙටි පණිවුඩ කිහිපයක් වෙත සිය අවධානය යොමුකරන අයුරු අදාළ වීඩියෝවේ දැක්වෙනවා.
කෙසේ වෙතත් එම අවස්ථාවේ වයස අවුරුද්දක් පමණ වූ කුඩා දරුවා තමන් ජලය මත පා වෙමින් තිබූ උපකරණය පෙරළී ජලයට වැටෙනවා.
එහිදී එහි සිටි අනෙක් කුඩා දරුවා ඒ අසලට ගමන්කරමින් ජලයේ පා වෙමින් සිටින අතර ජලයට වැටුණු දරුවා ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙනවා.
කෙසේ වෙතත් අදාළ මව එම අවස්ථාවේ ජලය පිරවූ කුඩා නාන තටාකයට පිටුපා සිටින අයුරු අදාළ වීඩියෝවේ දැක්වෙනවා.
මේ අතර අනෙක් කුඩා දරුවා විසින් අනෙක් දරුවාගේ ජලයේ පා වීමට යොදාගත් උපකරණය ජලයේ ගිලෙමින් සිටින දරුවා අසලට රැගෙන යන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.
පසුව එම දරුවා සිය මව අසලට පැමිණ යමක් ඇයට පැවසීමට උත්සහ ගන්නා අතර එම අවස්ථාවේදීයි කාන්තාව අනෙක් දරුවා දියේ ගිලී ඇති බව දකින්නේ.
අනතුරුව එම ආයතනයේ සිටින සේවකයන්ට කෑ ගසමින් එම කාන්තාව දිවගොස් දියේ ගිලී සිටි දරුවා ගොඩට ගනු ලබනවා.
පසුව කඩිනමින් දරුවා රෝහල්ගතකිරීමට පියවර ගෙන ඇති අතර වෛද්‍යවරුන් පවසන්නේ ඒ වනවිටත් දරුවා බරපතළ තත්වයේ පසුවූ බවයි.
කෙසේ වෙතත් මිනිත්තු 20 ක පමණ කාලයක් වෛද්‍යවරුන්ගේ දැඩි උත්සාහය හමුවේ නැවත දරුවාගේ හදවත ක්‍රියාත්මක වී ඇත්තේ සියල්ලන්ට මද අස්වැසිල්ලක් ගෙන එමින්.
වෛද්‍යවරුන් පවසන්නේ මේ වනවිට එම කුඩා දරුවා අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
මේ අතර දරුවා අනතුරට ලක්වූ විනෝද ආයතනය විසින් දරුවාගේ සියලු ප්‍රතිකාර සඳහා වැයවන මුදල් ගෙවීමටද ඉදිරිපත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
එම අවස්ථාව දැක්වෙන වීඩියෝවක් පහතින්.
අති සංවේදී දර්ශන සහිතයි…
rnrnrnrnrnrn