Gossips

අම්මාගේ මළගමට ආ තාත්තා පසුපස ගිහින්, බන්ධනාගාර බසයට ගොඩවූ දියණියගේ කඳුළු කතාව

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ පුද්ගලයෙකු බිරිඳගේ අවසන් කටයුතු සඳහා රැගෙන ආ අවස්ථාවේ සිය දියණියද බන්ධනාගාර බස් රථයට ගොඩවූ පුවතක් කිලිනොච්චියෙන් වාර්තා වනවා.
2008 වසරේ දී අත්අඩංගුවට පත්ව ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කරන ලද පුද්ගලයෙකු මියගිය සිය බිරිඳගේ අවසන් කටයුතු සඳහා ඊයේ (18) රැගෙනවිත් තිබෙනවා.
කෙසේ වෙතත් අවසන් කටයුතු සිදුකිරීමෙන් අනතුරුව මියගිය කාන්තාවගේ ස්වාමියා නැවත බන්ධනාගාර රථයට ගොඩවන අවස්ථාවේදී ඔහුගේ දියණියද එම රථයට ගොඩවී ඇති බවයි වාර්තාවන්නේ.
මියගිය කාන්තාවට සහ බන්ධනාගාරව සිටින පුද්ගලයාට දරුවන් දෙදෙනෙක් සිටින අතර මේ වන විට දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඥාතීන් ඉදිරිපත්ව සිටින බව සඳහන්.