Gossips

අම්මයි දුවයි කළ සොරකම CCTV කැමරාවේ

දහවල් කාලයේ වෙළඳ සැලකට පැමිණි කාන්තාවන් දෙදෙනෙක් සිදුකරන සොරකමක් දැක්වෙන වීඩියෝවක් අපවෙත ලැබී තිබෙනවා.
මෙම සිදුවීම වාර්තා වන්නේ මාතර නගරයෙන්.
මාතර ඇති රෙදිපිළි වෙළඳසැලකට පැමිණෙන කාන්තාවන් දෙදෙනෙක් බොහෝ වෙලාවක් එහි ඇඳුම් තෝරා බලමින් සිට තිබෙනවා.
ඒ අතරතුර ඔවුන් විසින් සූක්ෂම ලෙස වෙළඳසැලේ සේවකයාගේ ජංගම දුරකථනය සොරකම් කර තිබෙනවා.
ඊයේ දහවල් මෙම සිදුවීම වී ඇති අතර පසුව සේවකයා විසින් වෙළඳසැලේ සවිකර තිබූ CCTV කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී කාන්තාවන් එය සොරාගන්නා අයුරු දැක පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව පොලිසිය අදාළ සැකකාර කාන්තාවන් දෙදෙනා සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඔවුන් දෙදෙනා එකම පවුලේ මව සහ දියණිය බවටයි සැකපළකරන්නේ.
සැකකාරියන් දෙදෙනා ජංගම දුරකථනය සොරාගන්නා අයුරු දැක්වෙන CCTV දර්ශන පහතින්.