Gossips

අම්බලන්තොට සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විරෝධතාවක (ඡායාරූප)

ඉන්ධන මිල වැඩිවීමට විරෝධය පළ කරමින් සහ මිල සූත්‍රය හකුලා ගන්නා ලෙසට ඉල්ලමින් අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු අද අම්බලන්තොට නගර මධ්‍යයේ විරෝධතාවක නිරතවුනා.
කලු පටි පැළඳ නිහඩව විරෝධතාවයේ නිරතවු මන්ත්‍රීවරුන් සභා වාරය සඳහා තම යතුරුපැදි තල්ලුකරගෙන ගොස් සහභාගී වු බවයි අප වාර්තාකරු කියාසිටියේ.
මේ අතර වැඩිවුණු ඉන්ධන මිලට විරෝධය පළ කරමින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද මාසික සභා රැස්වීමට පාපැදිවලින් පැමිණියා.
ඔවුන් ඇඹිලිපිටිය – නෝනාගම ප්‍රධාන මාර්ගයේ කදුරුගස්ආර මංසන්ධියේ සිට තුංකම පිහිටි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවට මෙලෙස පාපැදිවලින් පැමිණි බවයි අප වාර්තාකරු කියා සිටියේ.


ඡායාරූප – අම්බලන්තොට අජිත් පුෂ්පකුමාර