Gossips

අම්බලන්තොට නිවසක හදිසි ගින්නක්

අම්බලන්තොට, බැල්ලගස්වැව ප්‍රදේශයේ නිවසක ඇති වූ හදිසි ගින්නකින් එම නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.
අද (29) උදෑසන 7.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙම ගින්නෙන් එම නිවසේ හිමිකාරිය සුළු තුවාල ලබා තිබෙනවා.
විදුලි කාන්දුවීමක් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.
යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති අතර අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.