Gossips

අම්බලන්තොට තරුණිය පැහැරගැනීම ඇයගේම සැළසුමක්

අම්බලන්තොට – වලවවත්ත – කොටබෝගහ ප්‍රදේශයේ නිවසකින් 17 හැවිරිදි තරුණියක් පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව මේ වනවිට කරුණු රැසක් හෙළිවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අදාළ තරුණිය පැහැරගැනීමට පැමිණි පිරිසේ සිටි තරුණයෙකු සමඟ වසර 7 කට අධික කාලයක සිට ඇය ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවයි.
පසුව දෙදෙනාගේම සැළැස්මකට අනුව මෙම පලායාම සිදුකර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
තරුණිය මවගේ ජංගම දුරකථනයෙන් පෙම්වතා අමතා සඳහන් කර ඇත්තේ තමන් බලහත්කාරයෙන් රැගෙන යන ලෙසටයි.
ඒ අනුව පෙරේදා (02) රාත්‍රියේ පැමිණි පිරිසක් නිවසේ ප්‍රධාන දොරට වෙඩි තබා එය විවෘත කර පියාට සහ අදාළ තරුණියගේ සොහොයුරියකටද ගිනි අවි පෙන්වා බියගන්වා මෙම තරුණිය පැහැරගෙන ගොස් තිබුණා.
අනතුරුව අම්බලන්තොට පොලීසිය සිදුකළ විමර්ශනයකදී පැහැර ගැනීමට ලක් වූ බව කියන තරුණිය සහ ඇගේ පෙම්වතා තිස්සමහාරාම ප්‍රදේශයේ ලැගුම්හලක සිටියදී ඊයේ (03) පස්වරුවේ පොලීසිය සොයාගනු ලැබුවා.
පසුව අත්අඩංගුවට ගත් මොවුන් අද (04) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයින්ද අත්අඩංගුවට ගන්නා බවයි පොලීසිය සඳහන් කළේ.
එමෙන්ම ගිනි අවි භාවිතා කිරීම සම්බන්ධයෙන් මෙම තරුණයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද නියමිතයි.