Gossips

අම්බලන්තොට ඩිපෝවේ සේවකයන් වර්ජනයක (ඡායාරූප)

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අම්බලන්තොට ඩිපෝවේ සේවකයන් පිරිසක් අද වැඩ වර්ජනයක නිරතවුනා.
ඒ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ධාවනයේ නිරතව තිබු බස් රථ 52 ක් ධාවනයෙන් ඉවත්වී ඇති බවයි වාර්තා වන්නේ.
තම මුලික වැටුප රුපියල් 27500 දක්වා වැඩි කිරීම, සුදුසුකම් අනුව උසස් වීම් ලබාදීම, අනියම් සේවකයන් ස්ථිර කිරීම, රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ ඇගිලි සලකුණු වේලා සටහන් ක්‍රමය ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් වර්ජනය ආරම්භ කර තිබෙනවා.
මෙම ගැටලුවලට ලිඛිතව විසඳුම් ලබාදෙන තෙක් වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි අම්බලන්තොට ඩිපෝවේ සේවක සංගම් සභාපතිවරයා සඳහන් කර ඇත්තේ.

ඡායාරූප – අම්බලන්තොට අජිත් පුෂ්පකුමාර