අම්බලන්තොට ශ්‍රී ලංගම ඩිපෝවේ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මොවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ රජය මගින් වැඩිකරන ලද රුපියල් දස දහසේ මුදල මූලික වැටුපට එක් කිරීම සහ රුපියල් 750 ක දෛනික වැටුපක් ලබාගන්නා සේවකයින් ස්ථිර කරන ලෙස පවසමින්.
මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් අම්බලන්තොට ඩිපෝව මගින් දෛනිකව ධාවනය වන බස් රථ 59 ම අද දින ධාවනය නොවුණු බවයි එහි කළමනාකරවරයා සඳහන් කළේ.