Gossips

අම්බලන්තොටදී රිය අනතුරකින් එකම පවුලේ හතරක් රෝහලේ (ඡායාරූප)

මාතර – තිස්සමහාරාම ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට – දෙහිගහලන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ හතරදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් ඊයේ (24) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි.
තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි හම්බන්තොට රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ පිංආරාව ප්‍රදේශයේදී එකම පවුලේ 10 දෙනෙකු ගමන් ගත් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
මහියංගණය සමන් දේවාලයේ පෙරහර නරඹා යළි නිවසට පැමිණෙමින් සිටි පිරිසක් මෙම අනතුරට මුහුණපා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඡායාරූප – හම්බන්තොට, රාහුල් සමන්ත හෙට්ටිආරච්චි