Gossips

අම්බලන්ගොඩ මුහුදු තීරයට ආ කිඹුලා

අම්බලන්ගොඩ, හිරේවත්ත, මෝදර දේවාලය පිටුපස මුහුදු තීරයට කිඹුලෙකු පැමිණ තිබෙනවා.
ඊයේ (28) පස්වරුවේ මෙම කිඹුලා මුහුදු තීරයේ රැඳී සිටින අයුරු දැක ඇති අතර ඒ පිළිබඳව ප්‍රදේශවාසීන් ජනජීවි නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
අනතුරුව වනජීවී නිලධාරීන් පැමිණ මෙම සත්වයා අල්ලා ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සහ කර ඇති අතර එම උත්සාහයන් අසාර්ථක වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අද (29) දිනයේත් කිඹුලා අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් උත්සහ දරා ඇති අතර තවමත් එම සත්වයා අල්ලා ගැනීමට හැකියාව ලැබී නැහැ.
මෙලෙස මුහුදු තීරයට පැමිණ ඇති කිඹුලා අඩි 08 – 10 පමණ දිගකින් යුක්තවන බවයි වනජීවී නිලධාරීන් පවසා සිටියේ.
මෙම සත්වයා මුහුදු තීරයේ රැඳී සිටීම වෙරළ තීරණට පැමිණෙන ජනතාවට තර්ජනයක් වී ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.