ගාල්ල, අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවසක් මුළුමනින්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.
ඊයේ(01) රාත්‍රී 8ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගින්නෙන් කිසිදු ජිවිත හානියක් සිදුව නොමැති අතර ගින්නෙන් නිවස සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
