Gossips

අම්බලන්ගොඩ දී මුහුදේ නෑමට ගිය 6 දෙනෙකු රළ පහරකට හසුවෙයි- අයෙක් මරුට

අම්බලන්ගොඩ – පැරණි තානායම අසළ මුහුදේ දිය නෑමට ගිය 6 දෙනෙකු රළ පහරකට හසුවී ඇති අතර ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ ස්ථානයෙන් දිය නෑමට ගිය වෛද්‍ය යුවළක්, ඔවුන්ගේ දරු දෙදෙනා සහ ඥාතීන් දෙදෙනෙකු මෙලෙස ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
දියේ ගිලූණු පිරිස බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් වෛද්‍යවරයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 73 හැවිරිදි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයාගේ ඥාතියෙකු බවයි පොලීසිය සදහන් කළේ.