අම්බලංගොඩ – මිගෙට්ටුවත්ත ප්රදේශයේදී තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ රාත්රී මෙම ඝාතනය සිදුවී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි බලපිටිය ප්රදේශයේ පදිංචි තරුණයෙක්.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ක්රියාත්මකයි.