Politics Sri Lanka

‘අම්පාරේ පරාටේ ඇතුළේ තිබුණේ පිටි ගුලියක්’ – රජයේ රසපරීක්ෂක

‘අම්පාරේ පරාටේ ඇතුළේ තිබුණේ පිටි ගුලියක්’ – රජයේ රසපරීක්ෂක

අම්පාරේ කඩයකදී වඳ පෙති යැයි කියමින් පොලිසියට භාර දුන් ආහාර වල තිබී ඇත්තේ පිෂ්ඨය සහිත ආහාර කොටසක් බවට නිගමනය කරන්නේ යැයි රජයේ රසපරීක්ෂක ඒ වැලිඅංගගේ මහතා පොලිසියට දන්වා යවා තිබේ.

එම සැකකටයුතු ආහාර කැබැල්ලෙන් පිෂ්ඨය හදුනාගත් බවත් එම පිෂ්ඨය ආහාරයකම කොටසක් විය හැකි බවත් රස පරීක්ෂක වරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි

අම්පාර නගරයේ පිහිටි කඩයක රාත්‍රී ආහාර ගනිමින් සිටි පුද්ගලයෙක් පාරාටා කැබැල්ලක තිබී මෙම පිෂ්ඨ කොටස සොයා ගෙන ඇති අතර එය මිනිසුන් වඳ භාවයට පත් කිරිමට යොදා ගන්නා පෙත්තක් යැයි සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ යවා තිබිණි.