Gossips

අම්පාරේ කුණු නිසා වන අලි 6 දෙනෙක් මරුට (ඡායාරූප)

අම්පාර දීඝවාපි ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති කුණු එකතු කිරිමේ මධ්‍යස්ථානයක් නිසි ලෙස නඩත්තු නොකිරිම නිසා එම ප්‍රදේශයේ ජනතාව මහත් අපහසුතාවයකට ලක්ව තිබෙනවා.
කල්මුණේ, සමන්තුරේ සහ අක්කරෙයිපත්තුව යන ප්‍රදේශවලින් එකතු වෙන කුණු දිනපතාම මෙම ස්ථානයට ගෙනවිත්දමන බවයි ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ.
මේ හේතුවෙන් අවට රක්ෂිතවල සිටින වන අලි කුණු අහාරයට ගැනීම සඳහා මෙම ස්ථානයේ දිනපතා පැමිණෙන බව ප්‍රදේශවාසින් කියා සිටිනවා.
එමෙන්ම දිවා කාලයේ කුණු අහාරයට පැමිණෙන වන අලි රාත්‍රි කාලයේ ගම්වැදි ගම්වැසියන් ගේ වගාවන් වලට හානි කරන බවටයි ගම්වාසින් චෝදනා කරන්නේ.
කෙසේ නමුත් මෙම කුණු අහාරයට ගැනීම හේතුවෙන් වන අලි හය දෙනෙක් පමණ මේ වනවිට මියගොස් ඇති බවයි අම්පාර වනජීවී සෞඛ්‍ය සංරක්ෂණ ඒකකයේ පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර අප සමඟ පැවසුවේ.
එම නිසා මෙම කුණු එකතු කිරිමේ මධ්‍යස්ථානය නිසි අයුරින් නඩත්තු කරන ලෙසටයි ජනතාව බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.

(ඡායාරූප – වසන්ත චන්ද්‍රපාල)