Gossips

අම්පාරේදී බසයක රෝදයක් ගැලවී ගොස් සිදු වූ මහා අපරාධය

බසයෙන් ගැලවී ගිය රෝදය කාන්තාවකට මරු කැඳවයි (ඡායාරූප)
අම්පාර – කොණ්ඩුවටුවාන වැව අසලදි මාර්ගයේ ගමන් කරමින් තිබු ලංගම බස් රථයක රෝදයක් ගැලවී විසිවී යාමෙන් මාර්ගයේ ගමන්කරමින් තිබු යතුරුපැදියක වැදී එහි ගමන් ගත් කාන්තාවක් මියගොස් තිබෙනවා.
අනතුරින් යතුරුපැදිය ධාවනය කළ කාන්තාව මියගිය අතර එහි පිටුපස ගමන්ගත් කාන්තාව අම්පාර මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ හිදකලුගම ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රියදර්ශණී හේමමාලි නැමැති 41 හැවිරිදි කාන්තාවක්.
අනතුර සම්බන්ධයෙන් අම්පාර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඡායාරූප – අම්පාර, වසන්ත චන්ද්‍රපාල