Gossips

අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ඩුබායි අධිකරණයට

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහීදී අත්අඩංගුවට ගැණුනු, ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා අද ඩුබායි අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.
ඔවුන් වෙනුවෙන් නීති කටයුතු කිරීම සඳහා ඩුබායි බලා ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේ ඔවුන් සම්බන්ධව තීන්දුවක් ලබා දී ඇත්නම් එය හෙට දිනය වන විට ලබාගත හැකි බවයි.
පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගැණුනු ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා අද දහවල් ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් ඩුබායි හී විවෘත අධිකරණ ක්‍රියාවලියක් නොපවතින නිසා ඔවුන් සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දී ඇත්දැයි මෙතෙක් දැනගැනීමේ හැකියාවක්
නොමැති බවත් තීන්දුවක් ලබාදී ඇත්නම් එය හෙට උදෑසන වන විට එරට අධිකරණ පද්ධතිය මඟින් අන්තර්ජාලයට මුදා හරිණු ඇති බවත් ඩුබායි හී රුඳී
සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළා.
කෙසේ වෙතත් එම ලිපිගොනු පරීක්ෂා කිරීමේ හැකියාව පවතින්නේ ඒ සඳහා ප්‍රවේශ වීමේ මුර පද ලබා ගත් පුද්ගලයින්ට පමණයි.
අද දින සිදුවන නඩු කටයුතු සම්බන්ධයෙන් ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් නීති කටයුතු කිරීම සඳහා ඩුබායි බලා ගොස් නැවත දිවයිනට පැමිණි නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා අදහස් පල කළා.