එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මීළඟ මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් පසුවන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මාතර ඊයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
කෙසේ වෙතත් බොරලැස්ගමුව ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කළා.
