Gossips

අමතක නොවන මතක සටහනකින් නැවතුණු හයේ පහර

අයි.සී.සී ලෝක කුසලාන එක්දින තරඟාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා වන තරඟ මේ දිනවල පැවැත්වෙනවා.
කණ්ඩායම් 10 ක් කාණ්ඩ දෙකක් යටතේ මෙම සුදුසුකම් ලබාගැනීම සඳහා තරඟ වඳිනවා.
එහිදී පසුගියදා (10) අයර්ලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරඟය ජය ගන්නට කොදෙව්වන් සමත් වුණේ ලකුණු 52කින්.
මෙම තරඟයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් පිළිබඳව මේ වන වට විදෙස් මාධ්‍යයන් හි අවධානය යොමුව තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ මැද පෙළ පිතිකරු රෝව්මන් පවෙල් පන්දු 100කදී ලකුණු 101ක් ලබා ගත්තේ හතරේ පහර 07ක් සහ දැවැන්ත හයේ පහර 07ක් සමඟින්.
එහිදී රෝව්මන් සිය ශතකය වාර්තා කරන්නේ දැවැන්ත හයේ පහරකින්.
ඔහු එල්ල කරන එම පන්දු පහර ක්‍රීඩාංගනයේ මාධ්‍ය කුටියේ වීදුරුව මත පතිත වන අතර එහිදී පන්දුව වැදීමෙන් වීදුරුව හානියට පත් වනවා.
කෙසේ වෙතත් තරඟයෙන් අනතුරුව රෝව්මන්ගේ හයේ පහරින් ක්‍රීඩාංගනයේ මාධ්‍ය කුටියේ වීදුරුව මත තැබූ සටහන මත ඔහු තම අත්සන යොදන්නේ හරාරේ නුවර ක්‍රීඩාංගනයට අමතක නොවන මතක සටහනක් එක් කරමින්.
මේ අතර අයි.සී.සී ලෝක කුසලාන එක්දින තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා වන තරඟවලියේ මේ වන විට 'ඒ' කාණ්ඩයේ පෙරමුණ ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව ඇති අතර 'බී' කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්ව සිටිනවා.
එම අවස්ථාව පහතින්.
rnrnrn