Gossips

අභිරහස් ලෙස මියගිය විශාල දිවියෙකුගේ සිරුරක් හමුවෙයි

දිඹුල, පතන පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් තේ වතුයායේ තේ ගස් අතර තිබී අඩි දෙකක් පමණ උස අඩි 04 ක් පමණ දිග විශාල දිවියෙකුගේ මළ සිරුරක් අද (17) තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් විසින් සොයාගෙන තිබෙනවා.
මෙම දිවියාගේ මළ සිරුරු අසල තිබී හිස සහ කකුළක් පමණක් ඉතිරිව ඇති සුනඛයෙකුගේ මළ සිරුරක්ද හමුව ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
මෙම දිවියා මියගොස් දින දෙකක් පමණ වන බවට වතු කම්කරුවන් සැක පලකරනවා.
මෙම දිවියා කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇති බවට සැක කරන අතර දිවි මළ සිරුර දිඹුල, පතන පොලීසිය මගින් නුවරඑළිය වන ජීවී කාර්යාලයට භාරදීමට නියමිතයි.