Gossips

අභිරහස් ලෙස මියගිය ව්‍යාපාරිකයා (ඡායාරූප)

යාපනයේ, ආනේකෝට්ටේ ප්‍රදේශයේ යකඩ වැඩපලක හිමිකරුවෙකු සිය ව්‍යාපාරික ස්ථානයේම මිය ගොස් සිටියදී පොලිසිය විසින් අද (02) සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ සිල්ලුවෙයි රාසා නමැති වයස අවුරුදු 69ක පුද්ගලයෙක්.
අදාල පුද්ගලයා මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යාබද වෙළඳසැල් වල හිමිකරුවන් විසින් දන්වන ලද තොරතුරකට අනුව පොලිසිය විසින් මළ සිරුර සොයාගෙන තිබෙනවා.
යාපනය මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා මළ සිරුර යාපනය ශීක්ෂණ රෝහල වෙත බාර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඡායාරූප- වව්නියාව, දිනසේන රතුගමගේ