Gossips

අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකු මළ සිරුරක් හමුවේ

ගොඩකවෙල පිහිටි චයිනා හාබර් ගල් කොරිය අසල මාර්ගයේ තිබී අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ සිරුරක් අද අලුයම හමුවී තිබෙනවා.
මියගිය පුද්ගලයා 34 හැවිරිදි ගොඩකවෙල – බලවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයාගේ සිරුරේ කැපුම් තුවාල දක්නට ලැබෙන අතර, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.