Gossips

අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් කඹුරුගමුව නිවසකින් හමුවෙයි (ඡායාරූප)

අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් මාතර කඹුරුගමුව ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.
මියගිය තරුණයා වයස අවුරුදු 23ක් වන අතර ඔහු අවිවාහක පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
මෙම තරුණයා රාජ්‍ය දැව සංස්ථාවේ රිය සහයකයෙක් වන අතර ඊයේ (31) දිනයේ මෙම තරුණයා සාදයක් සඳහා පිටත්ව ගොස්
නැවත ඔහු රැදී සිටි නිවස වෙත පැමිණ තිබෙනවා.
උදෑසන කළ සොයා බැලීමකදී අදාළ තරුණයා ඔහු රැදී සිටි කාමරයේ බිම වැටි සිට ඇති අතර ඔහු නිදා සිටි ඇද ගිනිගෙන තිබු බවට දක්නට ලැබුණා.
මෙම මරණයට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මාතර දිසා රෝහලේ මෘත දේහය තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

ඡායාරුප – වැලිගම තරංග ගුණරත්න