Gossips

අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් කෙසෙල්ගමු ඔයෙන් හමුවෙයි (ඡායාරූප)

අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් කෙසෙල්ගමු ඔයේ තිබී හමුව තිබෙනවා.
බගවන්තලාව පොලිසිය පැවසුවේ බගවන්තලාව – ලොයිනොන් වතු යායේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකුගේ සිරුරක් මෙලෙස සොයාගත් බවයි.
අදාල තරුණයා ඊයේ (30) පස්වරුවේ බෝංචි කෝටු කැපිම සඳහා සිය නිවස අසලින් කාසල්රි ජලාශයට දක්වා ගලා බසින කෙසෙල්ගමු ඔය අසලට ගොස් ඇති බව සඳහන්.
කෙසේ වෙතත් අදාල තරුණයා නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් කෙසෙල්ගමු ඔය රක්ෂිතයේ සිදුකළ සෝදිසි කිරීම් වලදී කෙසෙල්ගමු ඔයේ තිබී ඔහුගේ සිරුර හමුව තිබෙනවා.
තරුණයාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චත් මරණ පරික්ෂණ සදහා මෘත දේහය දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය පැවසුවා.

ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ