වව්නියාව, නෙළුක්කුලම ප්‍රදේශයේ ළිඳක තිබී කාන්තා මළ සිරුරක් අද අලුයම සොයා ගෙන තිබෙනවා.
වව්නියාව පොලීසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි දෙදරු මවක් බවයි.
මියගිය කාන්තාවගේ සැමියා පසුගිය 16 වනදා විදෙස් ගත වී ඇති අතර ඔහු ඊයේ බිරිඳට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.
කෙසේ වෙතත්, ඇය ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් සැමියා විසින් අසල්වාසියෙකුට දුරකථන ඇමතුමක් ලබාදී තිබුණා.
පසුව, ඔවුන් පැමිණ නිවස පරීක්ෂා කිරීමේදී ඇය නිවස තුළ සිට නොමැති අතර අවුරුදු 05ක් සහ 11 වයසැති දරුවන් දෙදෙනා පමණක් නිවස තුළ සිට තිබෙනවා.
ප්‍රදේශවාසීන් එක්ව නිවස අවට පරීක්ෂා කිරීමේදීයි නිවස අසල පිහිටි ළිඳක තිබී මෙම කාන්තාවගේ මළ සිරුර සොයා ගෙන ඇත්තේ.
