Gossips

අභියෝගය පිළිගෙන පරිසර රාජ්‍ය ඇමති විල්පත්තුවට

විල්පත්තු අභයභූමිය ආශ්‍රිත රක්ෂිත කලාපවල නිරීක්ෂන චාරිකාවකට පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම අද එක්වුණා.
එහිදී ඔහු මතභේදයට තුඩුදී ඇති මරිච්චිකට්ටි, කරඩික්කුලි, සහ සිලාවතුර ඇතුලූ ප්‍රදේශ කිහිපයක සිදුවන බව පැවසෙන වන විනාශය පිළිබඳව සොයාබැලීමටද කටයුතු කළ බවයි වාර්තාවන්නේ.
සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ඊයේ මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයාට අභියෝගයක් එල්ල කරමින් කියා සිටියේ විල්පත්තු රක්ෂිත කලාපය නිරික්ෂණය කිරීමට හෝ රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර නොමැති බවටයි.
කෙසේ වෙතත් නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම කියා සිටියේ පරිසර සංවිධාන එල්ල කරන චෝදනා පදනම් විරහිත බවයි. කිසිදු වන විනාශයක් එම ප්‍රදේශවල සිදු නොවන බවයි.