Gossips

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නා.
ජනාධිපති නිල නිවසේදී මෙම දිවුරුම්දීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ පුරප්පාඩුව පැවති අභියාචනාධිකරණ සභාපති ධුරය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නිර්දේශ කර ව්‍යවස්ථාදායක සභාව වෙත යවා තිබුණා.
ඉන් අනතුරුවයි පසුගිය සෙනසුරාදා කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් ඒකමතිකව ඔහු අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස පත් කිරීමට අනුමැතිය ලබාදුන්නේ.