Gossips

අභියාචනාධිකරණ සභාපති ධූරයට, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ පත් කිරීමට ව්‍යස්ථාදායක සභාව් අනුමැතිය ලැබී තිබෙනවා.
ඊයේ කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් ඒකමතිකව මෙම එකඟතාවට පැමිණ ඇති බවයි කථානායක කාර්යාලය සඳහන් කළේ.
මේ වන විට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩගේ නම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිර්දේශ කර ව්‍යවස්ථාදායක සභාව වෙත යවා තිබුණා.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ දීපාලි විජේසුන්දර, ස්ථීර වශයෙන් එම තනතුරට පත් කිරීම ජනාධිපතිවරයා විසින් මීට පෙර අවස්ථාවක නිර්දේශ කර තිබුණත් ව්‍යවස්ථාදායක සභාව ඊට අනුමැතිය ලබාදී තිබුණේ නැහැ.
ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස පත් කළ ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ ඉදිරි දින කිහිපය තුළ ජනාධිපතිවරයා ඉදිරියේ එම ධුරයේ දිවුරුම් දෙනු ඇති බවයි වාර්තා වන්නේ.