Gossips

අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

කැබිනට් මණ්ඩලය අත්හිටවමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක්
කැබිනට් මණ්ඩලය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය අද ලබාදුන් අතුරු තහනම් නියෝගයට එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එහි දැක්වෙන්නේ එම අතුරු තහනමට එරෙහිව හෙට දින ආරම්භක පැයේදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීම සහ ඊට අදාළ අවසානාත්මක තීන්දු තීරණ ගැනීමේ පරම අයිතිය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවයි.
රටේ දේශපාලලන ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහා වූ අරගලය, එනම් මහමැතිවරණයක් හරහා ජනතාවගේ මතය දිනා ගැනීම සඳහා වූ වැඩපිළිවෙළ වෙත මෙම තීරණාත්මක මොහොතේදී ඔබගේ කැපවීම වඩාත් අවශ්‍ය බැවින් ඒ සඳහා කැපවන ලෙසද මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මව්බිමට ඇති ආදරයද, නීතියට ඇති ගෞරවයද දේශප්‍රේමී දේශපාලනයට ඇති අවංක භාවයද පෙරදැරිව රටේ ජනතාව මෙම තීරණාත්මක මොහොතේදී සාමකාමීව සහ ධෛර්ය සම්පන්නව සහ වගකීමෙන් කටයුතු කරනු ඇතැයි අපෙක්ෂා කරන බවද මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් පෙන්‍වා දෙනවා.