Gossips

අභිනන්දන්ගේ මවට සහ පියාට ගුවනේදී සිදුවූ දේ

ලෝකෙම කතාවූ පාකිස්ථානයෙදී අත්අඩංගුවට ගත් ඉන්දීය ගුවන් නියමු අභිනන්දන්ගේ දෙමව්පියන්ට ගුවන් යානයකදී මගීන් දැක්වූ ප්‍රතිචාරයක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වනවා.
එහි දැක්වෙන්නේ ඔහුගේ මව්පියන් ගුවන්යානය තුලට පැමිණෙන අවස්ථාවේ මගීන් සිය අසුන්වලින් නැගී සිටිමින් ඔවුන්ට ආචාර කරන ආකාරයයි.
මෙලෙස අභිනන්දන්ගේ මව්පියන් ගුවනින් ගම්න්කරන්නේ ඔහු අද දිනයේ පකිස්ථානය විසින් නිදහස් කිරීමට නියමිත අවස්ථාවට දිල්ලි වෙතටයි.
එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්.

තම අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කරන බව පකිස්ථානය පවසනවා.
පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේ බව සඳහන් කර ඇත්තේ එරට රූපවාහිනී නාලිකාවක් ඔස්සේ සිදුකළ ප්‍රකාශයකදීයි.
ඒ අනුව අදාළ ගුවන් නියමුවා හෙට දිනයේ නිදහස් කෙරෙන බව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර දෙරට අතර සාමය පවත්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
පසුගිය බදාදා පකිස්ථාන ගුවන් සීමාවට ඇතුලුවු ඉන්දීය ගුවන් යානයක් පකිස්ථාන හමුදා ප්‍රහාරයකින් විනාශයට පත්වු අතර අනතුරුව එහි නියමුවා අත්අඩංගුවට පත්වුනා.
මේ අතර පකිස්ථානය විසින් වෙඩි තබා බිම හෙළන ලද සිය ජෙට් යානයේ සිටි නියමුවා ආරක්ෂා සහිතව තමන් වෙත භාරදීමට පියවර ගන්නා ලෙස ඉන්දියාව, පාකිස්ථානයට දැනුම්දීමක්ද කර තිබුනා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය, එරට සිටින පාකිස්ථාන නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා හරහා මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දෑස් බැඳ ලෙයින් නැහැවුණු මෙම නියමුවාගේ වීඩියෝවක් පාකිස්ථාන තොරතුරු අමාත්‍යාංශය විසින් ඊයේ නිකුත් කළ අතර, ඉන්දියාව ප්‍රකාශ කළේ මෙය ජාත්‍යන්තර මානුෂීය නීතියට සහ ජිනීවා සම්මුතියට පටහැනි බවයි.
කෙසේ වෙතත් මෙම නියමුවා වීරයෙකු ලෙස හඳුන්වමින් ඉන්දියානුවන් ෆේස්බුක් ඇතුලූ සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වමින් සිටිනවා.
මේ අතර පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන වසීම් අක්‍රම් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර මේ වනවිට උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව තමන් දැඩි කණගාටුවට පත්ව සිටින බවයි.
ඉන්දියාව සහ පාකිස්ථානය සතුරන් නොවන බවත්, දෙරටේම සතුරා ත්‍රස්තවාදීන් බවත්, ඔහු එමඟින් පෙන්වා දුන්නා.
එය දෙරට විසින්ම තේරුම් ගත යුතු බව ප්‍රකාශ කළ වසීම් අක්‍රම්, එසේ නොවුනහොත් ලේ වැගිරවීමක් ඉදිරියේදී සිදුවිය හැකි බවයි පෙන්වා දී ඇත්තේ.
මේ අතර අත්අඩංගුවට පත්වූ ඉන්දීය ගුවන් නියමුවා පාකිස්ථාන ආරක්ෂක අංශයන්හි අත්අඩංගුවට පත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍යවලට එක්ව තිබුනා.
එලෙස අත්අඩංගුවට පත් ගුවන් නියමුවාගේ තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවල සැරිසරනවා.
එම වීඩියෝවේ දැක්වෙන්නේ පාකිස්ථාන හමුදාවේ මේජර්වරයෙක් අත්අඩංගුවට පත් ගුවන් නියමුවාගෙන් ප්‍රශ්න කරන ආකාරයයි.
එහිදී ගුවන් නියමුවා පවසා සිටින්නේ පකිස්ථාන ආරක්ෂක අංශ තමන්ට ඉතා හොඳින් සලකන බවයි.