Gossips

අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායකගේ අවසන් කටයුතු අනිද්දා

හිටපු අමාත්‍ය දිවංගත ගාමිණී දිසානායකගේ බිරිඳ වන අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායකගේ අවසන් කටයුතු අනිද්දා පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතයි.
වයස අවුරුදු 77 ක්ව සිටියදී ඇය කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (29) අභාවප්‍රාප්ත වුුණා.
දේහය අද (30) කොළඹ – විජේරාම මාවතේ නිවසට රැගෙන ඒමට නියමිත අතර, අවමංගල්‍ය පෙරහර අනිද්දා සවස දෙකට එම නිවසින් පිටත්වීමට නියමිතයි.
මේ අතර, ශ්‍රී ලංකේය සිනමා වංශ කතාවේ රිදී සීනුව වූ අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පිනී ඇන්ජලීන් ගුණතිලකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන අඟහරුවාදා පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි.
79 හැවිරිදි ඇය ඊයේ අභාවප්‍රාප්ත වුණේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.