අභාවප්‍රාප්ත සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ලබන බදාදා නිදහස් චතුරස‍්‍රයේදී සිදුකිරීමට තීරණය වී තිබෙනවා.
අද (30) උදෑසන පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි අවමංගල්‍යය කමිටුවේ සාමාජික, ප්‍රවීන චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය සඳහන් කළේ.
අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය මේ වන විට තිඹිරිගස්යායේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
