අභාවප්‍රාප්ත ප්‍රවීන සංගීතවේදී එච්.එම්. ජයවර්ධනගේ අවසන් කටයුතු අද (10) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
සංගීත ක්ෂේත්‍රයට මහගු සේවයක් සිදු කළ ඔහු පසුගිය 08 වනදා අභාවප්‍රාප්ත වූයේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි.
මේවන විට දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.
මියයන විට 69 වන වියේ පසුවු ඔහු යුගයක් වෙනස් කළ සංගීතවේදියෙකු ලෙස සිංහල ගීතය නව දිශාවකට රැගෙන ගියා.
