Gossips

අභාග්‍යයක් ගැන ඩබ්ලිව්.ඩී.ජේ. කියයි

තමන් ඇතුළු කණ්ඩායමක් විපක්ෂයේ සිටිද්දී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු පිරිස් තවම ආණ්ඩුවේ රැදී සිටීම අභාග්‍යයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න පවසනවා. ඔහු මේ බව කියා සිටියේ නිදහස් පක්ෂ 16 කණ්ඩායම විසින් නිදහසේ වේදිකාව යන මැයෙන් පවත්වන දේශන මාලාවේ දෙවන අවස්ථාවට ඊයේ මාතලේදී එක්වෙමින්.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අදහස් පළ කරමින් කියා සිටියේ ඇතමුන් ප්‍රකාශ කරන පරිදි විපක්ෂයට එක්වන පිරිස් සම්බන්ධ කර නොගැනීමෙන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පළවා හැරිය නොහැකි බවයි.